මැයි පෙළපාලි – රැස්වීම් ඇති ප්‍රදේශවල සුරා සැල් වැසේ
මැයි පෙළපාලි ගමන්කරන මාර්ග හා රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති සුරාබදු බලපත්‍ර ලත් මත්පැන් හල් අද දහවල් 12.00 සිට දිනය අවසන් වන තෙක් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා. මෙම පෙළපාලි ගමන් කිරීමට නියමිත මාර්ග සහ එම රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් ප්‍රකාශයට පත්කලා. ඒ අනුව එම මාර්ග සහ රැස්වීම් භූමි ආශ්‍රිතව පිහිටා ඇති මත්පැන් හල් සම්බන්ධයෙන් පමණක් මෙම නියෝගය බලපැවැත්වෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියාසිටියේ. ...