ඉදිරියේදී බරපතල ඉන්ධන හිගයක් ?

 





රටට ඉන්ධන ගෙනෙන නෞකාවලින් කොමිස් ලබා ගැනීමේ ජවාරම් හේතුවෙන් රට තුළ බරපතල ඉන්ධන අර්බුදයක් ඇතිවීමේ අවධානම වැළැක්වීමට නොහැකි වන බව සමගි වෘත්තිය සමිති එකමුතුව අවධාරණය කරනවා.

එහි කැදවුම්කරු ආනන්ද පාලිත මහතා නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් හෙට දිනයේදීත් එකදු ඉන්ධන රථයක් හෝ ධාවනය නොවනු ඇති බවයි.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන බවුසර ඇත්තේ අවම ප්‍රමාණක් බවද ඔහු එහිදී සදහන් කළා.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමටයි තීරණය කර තිබුණේ.

මේ සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා.


                                                                                                Helamaga TV NEWS

Comments

Popular posts from this blog

මැයි පෙළපාලි – රැස්වීම් ඇති ප්‍රදේශවල සුරා සැල් වැසේ

President emphasises the need for racial & religious harmony